ඒ දරුවා මට වඳින්න හදනකොට මම එපා පුතේ කියලා අත් දෙකෙන් උස්සනවා.. ගොඩක් අය ලියලා තියෙන්නේ ඉරිසියාවකින්.. TB කට අරී

Report

ඉකුත් දින සමාජ මාධ්‍ය පුරාවට අනිසි ලෙස දැරියන් ස්පර්ශ කළේ යැයි එල්ල වන චෝදනාවන්ට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අලුතින් ඉදි කළ නිවාස විවෘත කිරීමේ උත්සවවලදී දරුවන් තමන්ට බුලත් ලබා දී වැඳීමට උත්සහ කළ අවස්ථාවේදී, එය වැළැක්වීමේදී මෙලෙස අඳාළ දරුවන් ස්පර්ශ කළ බවයි.

එහිදී ටී.බී. සරත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ,

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

"ඔය දරුවා, බුලත් අත දෙනවා, බුලත් අත දීලා, දරුවාගේ බුලත් අත මම ගන්නවා, අරගෙන දරුවා මට ඊළඟට වඳින්න හදනකොට, මම වඳින්න එපා පුතේ කියලා, අත් දෙකෙන් උස්සනවා. මගේ එහා පැත්තේ හිටපු දෙන්නට ඒ දරුවා වැන්දා. මම කිව්වා, වඳින්න එපා පුතේ, දේශපාලනඥයින්ට වඳින්න ඕන නැහැ ඕගොල්ලෝ කියලා, අම්මා තාත්තට වඳින්න කියලා, මම අත් දෙකෙන් අල්ලලා අයින් කළා. මම ඔච්චරයි කියපු දේ. ඉස්කෝලේ යන දරුවන්ගෙන් මම අහන්නේ, 'දැන් ඔයාට ලස්සන ගෙයක් තියෙනවා නේ ද? ඉස්කෝලේ යනකොට යාළුවන්ට කියන්න පුළුවන්'. ඔය වගේ ඉතින් අපි ගියා ම ඒ දරුවන්ගේ සතුටට අපි කතාබහ කරනවා. ඇත්තට ම මානුෂීය ප්‍රශ්නයක් නේ, මැටි ගෙයක ඉඳලා පාසල් යන පුංචි දරුවෙක්, එයා මොන තරම් පීඩාවකට පත් වෙනවා ද, එතකොට ඔය ළමාරක්ෂාව ගැන ලියන අය ඒ දරුවෝ විඳින දුක කවදාවත් ම දැකලා නැහැ. ඒ පේන දේ වෙන දේශපාලන දෘෂ්ඨිකෝණයකින් බලලා තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. මට නම් දැනෙන්නේ. ඒ අයට තියෙන මොකක් හෝ ඉරිසියාවක් තමයි වැඩියෙන්. ළමාරක්ෂක සහ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සංවිධාන මේකේ පෙන්වලා දෙන එක නීත්‍යනුකූල පැත්තෙන් මට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නීතියක් නේ, ඒක ඒගොල්ලෝ පෙන්වන එක. ඒකට මම අභියෝග කරනවා නෙවෙයි, මගේ ඇත්ත හෘදය තියෙන්නේ ඔය කියන ක්‍රියාවලියක් නෙමෙයි දරුවන්ට ඇත්තට ආදරය කරපු එකක් ඔය තියෙන්නේ . මම මොන ම දරුවෙකුගෙන්වත් එහෙම වැඳුම් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම ඕනේ නැහැ නේ. මොකට ද දේශපාලනඥයින්ට දරුවෝ වඳින්නේ. ඒක තමයි මම එපා කියන්නේ. ඔය හැම ෆොටෝ දෙක තුනේ ම, ඒ දරුවන්ගේ අතින් අල්ලගෙන මම කියන්නේ වඳින්න එපා කියලා. ඔය ජාතියේ ෆොටෝ කොච්චර නම් තිබ්බ ද මහින්දලාගේ පැත්තේ. ඔය ලියන මහත්තුරු ලිව්වේ නැහැනේ මහින්දට එහෙම. නාමල්ලාගේ කොච්චර ෆොටෝ තියෙනවා ද ඕවා. අකුරැස්සේ 400ක් දරුවෝ දූෂණය කරපු පොහොට්ටුවේ සභාපතිට ඔය ලියන මහත්තුරුන්ගේ කාලේ මොකක් ද වුණේ... හම්බන්තොට ළමා අපචාර කරපු අයට මොකද වුණේ, ඒ දවස්වල පත්තරයක් අරන් බලන්නකෝ, කොච්චර නම් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අහවල් ළමයා දූෂණය කරලා... ඒ දවස්වල පත්තර ටිකක් අරන් බලන්නකෝ කොච්චර ද කියලා. එදා කටක් ඇරපු නැති ඒ මහත්තුරුන්ගේ කට්ටිය දැන් ඔය ලියන්නේ දරුවෙකුට වඳින්න එපා කියලා අතින් අල්ලලා කියපුවා ම, ඒක ලියනවා නම් ඔය විදියට එදා දූෂණයට ලක් වෙච්ච ඒවා ගැන මොනවා ද ඒ මහත්තුරු ලිව්වේ? ඒ මහත්තුරුගේ කට්ටිය නේ. ඔය ෆේස්බුක්වල ලියන කට්ටිය හොයලා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල කට්ටිය නේ" යනුවෙන්.

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

ජගත් කථානායක ධූරයෙන් ඉවතට.. යළි ධූරය උපාධි සහතිකය නැතත් අශෝක රන්වලට?

ජගත් කථානායක ධූරයෙන් ඉවතට.. යළි ධූරය උපාධි සහතිකය නැතත් අශෝක රන්වලට?

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට