ඉරෙන්, හුළඟෙන් සහ බැටරියෙන් මෙගාවොට් දහස් ගණනක්- විදුලිබල ඇමැති අනුර කරුණාතිලකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්
2027-2029 කාලය තුළදී සූර්ය බලයෙන්, සුළඟින් සහ බැටරි බලයෙන් ගිගාවෝට් 2,700කට අධික ප්‍රමාණයක් පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කර තිබේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ
එතුමා සදහන් කළේ එම කාලය තුළ සූර්ය බලයෙන් ගිගාවෝට් 1,392ක්, සූර්ය බලයෙන් ගිගාවෝට් 370ක් සහ බැටරි බලයෙන් ගිගාවෝට් 1,000ක් පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම වහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය පසුගිය කාලයේදී විශල වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඒ අනුව මේ වන විට වහළ මත සවි කර ඇති සූර්ය පැනලවලින් ගිගාවෝට් 2,500ක පමණ ප්‍රමාණයක් ජනනය වන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
විදුලි උත්පාදනයේදී ඇතැම් අවස්ථාවලදී අතිරික්ත වන අවස්ථා පවතින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉරිදා සහ නිවාඩු දිනවලදී අතිරික්ත විදුලි ජනනයක් සිදුවන බවද මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව විදුලි බල පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා යම් අවස්ථාවලදී සූර්ය බලයෙන් උත්පාදනය වන විදුලියේ යම් සීමා කිරීම් සිදු කිරීමටද සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ කෙසේ නමුත් බැටරි බලයෙන් උත්පාදනය වන විදුලිය හඳුන්වාදීමත් සමග දිවා කාලයේදී වැඩිපුර ජනනය වන විදුලිය ගබඩා කරමින් රාත්‍රී කාලයේදී බෙදා හැරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි .