යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්- 5ක් මියගොස් 67කට තුවාල

Report

යුක්රේනයේ  ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක්  කලාපයේ   පව්ලොහ්‍රාද්  නගරයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන යානයක් කඩා වැදීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 67 දෙනෙකු තුවාල ලබා තිබේ. යුක්රේන නිලධාරීන් සඳහන් කළේ, ජනතාවගෙන් පිරී තිබූ නගරයක දිවා කාලයේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

ප්‍රහාරයෙන් සාප්පු සංකීර්ණයට අමතරව වෙළඳසැල් සහ වාහන රැසකට ද හානි සිදුව තිබේ. යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය  සඳහන් කළේ, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පව්ලොහ්‍රාද්හි  ප්‍රධාන වීදි ජනතාවගෙන් පිරී තිබූ බවයි.

ප්‍රාදේශීය ආණ්ඩුකාර ඔලෙක්සැන්ඩර් හන්ෂා පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයින් 67 දෙනා අතර ළමුන් අට දෙනෙකු ද සිටින බවයි. යුක්රේන රාජ්‍ය හදිසි සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ ඡායාරූපවල, ගිනිගත් වාහන වෙත ගිනි නිවන භටයින් ජලය යොමු කරමින් සිටින ආකාරය දැක්වේ.

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල් සහ ආදරණීයයන් වෙත යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි  සිය ශෝකය පළ කර තිබේ. සාප්පු සංකීර්ණ අසල සාමාන්‍ය කටයුතුවල නිරතව සිටි ජනතාව ඉලක්ක කර රුසියාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට ඔහු චෝදනා කළේය.

යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා  මෙම ප්‍රහාරය හැඳින්වූයේ යුක්රේනයට බලපෑම් කිරීමේ රුසියානු උපක්‍රමයක් ලෙසයි. සිවිල් ජනතාව ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමෙන් යුක්රේන ජනතාව වෙහෙසට පත් කර, සහන ලබාදීමට යුක්රේනයට බල කළ හැකි බව රුසියාව විශ්වාස කරන බව ඔහු පැවසීය.

ඩිනිප්‍රෝ    නගරයට ආසන්නයේ පිහිටි වැදගත් සැපයුම් මධ්‍යස්ථානයක් වන     මීට පෙර ද රුසියානු ප්‍රහාරවලට ලක්ව තිබේ. පසුගිය මාසයේ එහි ගබඩා සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණි.

මේ අතර, මෙම සතියේදී  සපොරිජ්ජියා සහ සුමි නගරවල පිහිටි සාප්පු සංකීර්ණ දෙකක් ද රුසියානු ගුවන් ප්‍රහාරවලට ලක්ව තිබේ. සඳුදා  සපොරිෂියා හි සාප්පු සංකීර්ණයක් ප්‍රහාරයකින් දැඩි ලෙස හානි වී ඇති අතර, එම අවස්ථාවේදී එය වසා තිබූ බැවින් ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොතිබුණි.

පසුගිය මාසයේ  ක්‍රිව්යි රිහ්   නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් 130 දෙනෙකු තුවාල ලැබූ බව යුක්රේන නිලධාරීහු පැවසූහ.  

“යුද්ධ දෙකක් මැද ලෝක බලවතුන් එකම මේසයකට - BRICS සමුළුවේ තීරණාත්මක පෙළගැස්ම මෙන්න”

“යුද්ධ දෙකක් මැද ලෝක බලවතුන් එකම මේසයකට - BRICS සමුළුවේ තීරණාත්මක පෙළගැස්ම මෙන්න”

තවද  බෙල්ගොරොඩ්  කලාපයේ  නොවි ඔස්කොල්  නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියාව පවසයි. රුසියානු පාලනය යටතේ පවතින  සපොරිෂියා    ප්‍රදේශයේ මෝටර් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් 15 හැවිරිදි දැරියක් මියගොස්, හය හැවිරිදි දරුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ද රුසියානු බලධාරීහු වැඩිදුරටත් වාර්තා කළහ.

රුසියානු ජනාධිපති   ව්ලැමියර් පුටිං     විසින් 2022 වසරේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දෙරට අතර පූර්ණ පරිමාණ යුද්ධය තවදුරටත් පවතින අතර, සාම සාකච්ඡා සඳහා නව උත්සාහයන් පැවතියද, එම ප්‍රයත්න මෙතෙක් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලබාදී නොමැත.