කොංගෝවේ මහා ඛේදවාචකයක් - පාසල් දෙකක් ගිනි ගනී - ගින්නෙන් බේරෙන්න දුවපු සිසුන් 24ක් ජීවිතක්ෂයට

Report

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින බුකාවු හි පාසල් දෙකක් ගිනිගෙන විනාශ වී ඇත.

එහිදී ගින්නෙන් පලා යාමට උත්සාහ කිරීමේදී ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි නිලධාරීන් පවසන බව වාර්තා වේ.

එමෙන්ම ගින්නෙන් වැඩිහිටියන් ද මිය ගොස් ඇති බව වාර්තා වන අතර, ජනාකීර්ණ කඩුටු කොමියුනයේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් දිවි ගලවා ගත් අය අසල පිහිටි රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර, එම ස්ථානයේ දර්ශනවල දැක්වෙන්නේ වේදනාවෙන් රෝහල් බිම වැතිර සිටින දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

මෙම ගින්නෙන් නිවාස 300ක් පමණ විනාශ වී ඇති අතර, එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

මේ අතර දහවල් වන විට ගින්න නිවා දමා ඇතත් සුන්බුන් සහ රැලි සහිත ලෝහ වලින් තවමත් දුමාරය ඉහළ යමින් පවතින බව සඳහන්.

දකුණු කිවු පළාතේ අගනුවර සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනාකීර්ණ කඳුකර නගරවලින් එකක් වන බුකාවු, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී M23 කැරලිකරුවන් විසින් අල්ලා ගෙන තිබුණා.   

මේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සහ දීමනා ජනවාරි 1 දා වෙනකොට වැඩි වෙන්නේ මෙහෙමයි - සුව ඇමති වැඩි කළ වැටුප් සියල්ලම දිගාරියි

මේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සහ දීමනා ජනවාරි 1 දා වෙනකොට වැඩි වෙන්නේ මෙහෙමයි - සුව ඇමති වැඩි කළ වැටුප් සියල්ලම දිගාරියි

මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ

මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ