හැමෝගෙම රස නහර පිනවූ ඔහුත් සදහටම සමුගයි

Report

CBL සමූහයේ සභාපති රම්‍යා සනත් අමරවීර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බවට එම සමාගම අද(06) දින නිවේදනය කර ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ ඔහු තම ජීවිතය කැප කළේ සාර්ථක ව්‍යාපාරයක් පමණක් නොව, සැලකිල්ල, අඛණ්ඩතාව සහ නවෝත්පාදනය මත පදනම් වූ ප්‍රජාවක් ගොඩනැගීම සඳහා බවයි.

එමෙන්ම ඔහුගේ දැක්ම ශ්‍රී ලංකාව ගෝලීය සිතියමේ තැබීමට උපකාරී වූ බවත්, ඔහුගේ කරුණාව සහ මනුෂ්‍යත්වය ඔහු දන්නා සහ ඔහු සමඟ වැඩ කළ බොහෝ දෙනෙකුගේ ජීවිත ස්පර්ශ කළ බවත් එම නිවේදනයේ දැක්වේ.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

"ඔහු අපට නායකයෙකුට වඩා වැඩි යමක් විය; ඔහු උපදේශකයෙක්, පියෙක් සහ ආශ්වාදයේ උල්පතක් විය," යනුවෙන් එහි සඳහන්.

CBL සමූහය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ අභාවය ගැඹුරු රික්තයක් ඇති කළ ද ඉදිරි වසරවලදී ඔහුගේ වටිනාකම් සහ උරුමය ආයතනයට මඟ පෙන්වනු ඇති බවයි.

එමෙන්ම සමාගම එහි අභාවප්‍රාප්ත සභාපතිවරයාට උපහාර දක්වමින් ඔහුගේ මතකය සදහටම පවතිනු ඇතැයි සඳහන් කළේ "ඔහුට උතුම් නිවන් සුවය ලැබේවා" යනුවෙන් එම නිවේදනයේ සඳහන් කරමින්.

ජාත්‍යන්තර වෙළඳපොළවල ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කර තිබෙන CBL යනු ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන සමූහයක් වන අතර එය පුළුල් පරාසයක රසකැවිලි සහ පහසු පෝෂණ නිෂ්පාදන නිපදවයි.

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි