ගව ඝාතනය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න..

Sri Lanka Malinda Rajapakshe cattle-slaughter
By Aruna Oct 19, 2021 06:08 AM GMT
Aruna

Aruna

Report

ගව ඝාතනය තහනම් කිරීමට අදාළව පනත් සහ ආඥා පනත් 5ක් සංශෝධනය කිරීම සදහා සකස් කළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.

දේශීය කෘෂිකර්මාන්තය සහ කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් ගව ඝාතනය, තහනම් කිරීමට රජය තීරණය කළ අතර, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now