කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 කැඳවීමට නියෝග

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව, වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

නඩුව අද (28) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් 2015 ජනාධිපතිවරණය සමයේ, දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. 990,000/- වැය කිරීම සහ GI යකඩ බට 600 ක් මිලදී ගැනීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්, නඩුව ගොනු කර තිබේ.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට