ඇමරිකාවට මෙගා සුනාමි අනතුරු ඇගවීමක් - මිනිසුන් 30000 ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක්

Report

ඇමරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (CSZ) ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ විශාල මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා ඇත.

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි

උතුරු කැලිෆෝනියාවෙන් වැන්කුවර් දූපත දක්වා සැතපුම් 600ක් පමණ දිගට විහිදෙන මෙම කලාපය දැවැන්ත භූමිකම්පන සිදුවන ප්‍රධාන භූගෝලීය ප්‍රදේශයක් බව ඔවුන් කියා සිටී.

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

පර්යේෂණ අනුව, ඉදිරි වසර 50 ඇතුළත මෙම කලාපයෙන් රික්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි ප්‍රබල භූමිකම්පාවක් සිදුවීමට සම්භාවිතාව 15%ක් පමණ පවතින අතර, එවන් භූමිකම්පාවක් හදිසියේම සිදුවුවහොත් කැස්කැඩියා කලාපය අතිශය වේගයෙන් වෙරළ භූමිය ගිලීමේදී අඩි සිය ගණනක් උසින් සුනාමි රළක් පැනනගිනු ඇතැයි විද්‍යාඥයන් අවධාරණය කරති.

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

මෙවන් සිදුවීමක් හේතුවෙන්, අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ මිලියන ගණනක ජනතාව පෙර නොදුටු විශාල අනතුරකට මුහුණදීමට සිදුවන අතර, එම කලාපයේ පරිසර පද්ධතියද දැවැන්ත ලෙස විනාශ විය හැකිය.

ඔවුන් පවසන්නේ, මෙවන් මෙගා සුනාමියක් හට ගත්හොත් මිනිසුන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය හැකි බවත්, ගොඩනැගිලි සහ දේපළ 170,000කට ආසන්න ප්‍රමාණයකට දැවැන්ත හානි සිදුවිය හැකි බවත්ය.

ඒ අනුව, අදාළ බලධාරීන් පෙර සූදානමෙන් සිටින ලෙස Virginia Tech විද්‍යාඥයින් ඉල්ලීමක් කර ඇත.