මෙන්න වාහන ගන්න ඉන්න අයට සුභ පණිවිඩයක්

sri lanka covid 19 Car sale
By Sithumi Nov 01, 2021 02:20 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව තුළ Proton.MG, Chery යන වාහන නිපදවීම සම්බන්ධයෙන් China National Machinery Import and Export Corp ආයතනය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව තුළ වාහන නිපදවිය හැකි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමේ අරමුණින් මෙම සමාගමේ උප සභාපති Wu Yi මහතා එරට තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාව පසුගිය දා හමුවී තිබුණා. MG, Chery සහ Proton යන වාහන වර්ග ලංකාවේ නිපදවීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා. 

ශ්‍රී ලංකා රජය රථවාහන අංශයේ ආයෝජන පිළිගන්නා බව පැවසූ තානාපති ආචාර්ය කොහොන මහතා විස්තරාත්මක යොජනාවක් ඉදිරිපත් කිරීම සඳහා CVC ආයතනය දිරිමත් කළ බවයි විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

 රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල සහ ශ්‍රී ලංකාව ලෝකයේ සෞභාග්‍යමත් කලාපයක පිහිටා තිබීම හේතුවෙන් ඒ සතු පුළුල් වෙළඳපොල පිළිබඳවද තානාපතිවරයා විස්තර කර තිබෙනවා.