5 දෙනෙකුට මරු කැඳවා..40ට අධික පිරිසක් රෝහල්ගත කල පෙළපාලියට කඩාවැදුණු මෝටර් රථය..(VIDEO)

ACCIDENT AMERICA VISKONSINE WAUKESHA
By Sewvandhi Nov 22, 2021 08:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමෙරිකාවේ විස්කොක්න්සින් ප්‍රාන්තයේ නත්තල් පෙළපාලියකට සහභාගී වී සිටි පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 5 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ විස්කොක්න්සින් ප්‍රාන්තයේ වාකීෂා (Waukesha) නගරයේ නත්තල් පෙළපාලියකට සහභාගී වී සිටි පිරිසක් අතරට මෝටර් රථය ධාවනය කර තිබුණි.

විදෙස් වාර්තා පවසන්නේ ඊයේ (22) සවස් කාලයේ පැවති මේ පෙළපාලියට නර්තන කණ්ඩායම්, පාසල් තූර්ය වාදක කණ්ඩායම් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවය.

5 දෙනෙකුට මරු කැඳවා..40ට අධික පිරිසක් රෝහල්ගත කල පෙළපාලියට කඩාවැදුණු මෝටර් රථය මාර්ග බාධක බිඳගෙන අධිවේගයෙන් ඉදිරියට ඇදෙන මෝටර් රථයේ ගැටී පුද්ගලයින් අනතුරට ලක්වන අයුරු පටිගත වී තිබුණි.

සිදුවීමෙන් පසු සියලු දෙනා ඉවත් කර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය කටයුතු කර තිබූ අතර සැකකරු සහ මෝටර් රථය මේ වනවිට හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW