ටින් මාලු මිල සංශෝධනය වේ - නව මිල ගණන් මෙන්න
ටින් මාළු සඳහා පැවැති උපරිම සිල්ලර මිල සංශෝධනය වී පවතී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව 2024 වර්ෂය දෙසැම්බර් මස 27 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනයය කරමින් අද දිනයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්ය.
ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු මිල රුපියල් 480ක් විය යුතු බවත් එම අධිකාරිය පවසයි. ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු මිල රුපියල් 240ක් විය යුතු අතර, ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු බවද සඳහන්.
මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් මෙම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.