ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

Report

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීමේ උපාය මාර්ග සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ අනුව එම හමුව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර මැතිතුමා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ සම ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එසේම මෙම අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) යන අයද සහභාගී වී ඇත.

එම සාකච්ඡාව අතරතුරදී මෙරට සාගර කලාපය තුළ ධිවර කටයුතු සම්බන්ධව මතුවෙමින් පවතින අභියෝගවලට ඵලදායී ආකාරයට මුහුණ දීමට අවශ්‍ය වන වැළැක්වීමේ ක්‍රියාමාර්ග, නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවර මෙන්ම අන්තර් ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු තිබෙනවා.

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

දේශීය හා විදේශීය යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව තුළ සිදුකෙරෙන අනවසර මත්ස්‍ය දඩයම්, ගුවන් විදුලි සංඛ්‍යාත අනවසරයෙන් භාවිත කිරීම සහ ධීවර කටයුතු මුවාවෙන් සි‍දු කෙරෙන නීතිවිරෝධී ජාවාරම් ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම දේශීය ද්විතියික ධීවර යාත්‍රා මඟින් මත්ස්‍ය අභයභූමි ඇතුළු ධිවර කටයුතු සිදුකිරීම තහනම් කොට ඇති ප්‍රදේශ තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වීම වෙනුවෙන් එම යාත්‍රාවල සවිකොට ඇති නිරීක්‍ෂණ පද්ධතිය (VMS) හිතාමතාම අක්‍රීය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම සාකච්ඡාවට සහභාගී වූ සියලු පාර්ශ්වකරුවන් සමුද්‍රීය නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම, අන්තර් ආයතනික සම්බන්ධීකරණය ඉහළ නැංවීම සහ තත්කාලීනව ධීවර යාත්‍රා නිරීක්‍ෂණය කිරීම සහතික කිරීම සඳහා තාක්‍ෂණික විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව සම්බන්ධයෙන් ද අවධාරණය කර තිබෙනවා.

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

අප රටේ ධීවර සම්පත් මෙන්ම නීත්‍යානුකූලව ධිවර කටයුතුවල නියැලෙන ධීවරයන්ගේ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට අදාළ නීති කඩ කරන්නන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.

මේ පිළිබඳව මින් පෙරද විශේෂ සාකච්ඡා පැවැත්වුණු අතර, එහි තවත් අදියරක් ලෙස මෙම සැසිය පවත්වා ඇති බව සඳහන්.

ඒ ඔස්සේ නීතිවිරෝධී, වාර්තා නොවූ හෝ නියාමනය නොවූ (IUU) ධීවර කටයුතු ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් තුරන් කිරීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කර ඇති බව වාර්තා වේ.

සුවසැරියට ලෝකේ තියෙන නවීනතම තාක්ෂණය - සුවසැරියට ආයෙත් වැඩ දාන්න යන නලින්ද

සුවසැරියට ලෝකේ තියෙන නවීනතම තාක්ෂණය - සුවසැරියට ආයෙත් වැඩ දාන්න යන නලින්ද