මනුෂගේ පෞද්ගලික ලේකවරයගේ ඇප අවලංගු කරන්න - අල්ලස් කොමිසම
අල්ලස් සිද්ධියකට අදාළව ඇප මත සිටින කම්කරු හා විදෙස් රැකියා හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාරගේ පෞද්ගලික ලේකම්වරයා යළිත් බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අද (16) අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව අද (16) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරු විමර්ශනවලට බාධකර ඇති බවත්, සාක්ෂිකරුවන්ට බලාපෑම් කර ඇති බවත්ය.
එම නිසා එම සැකකරුගේ ඇප අවලංගු කර නැවත රක්ෂිත භාරයේ තබන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා සිදුකළ බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් තෝරාගත් ආයතනයකින් රුපියල් ලක්ෂ 43 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම මෙම සැකකරුට චෝදනා නගා තිබුණි.
එලෙස චෝදනා නගා ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු වන ගාර්ඩ් හේවගේ දොන් ශාන් යහම්පත් ගුණරත්න නමැත්තාටයි. මෙම නඩුව මේ වන විටත් අධිකරණයේ කැඳවමින් තිබෙනවා.