මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මතවු සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල් පියවර තබයි

Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් මත ඉදිකිරීමට සැලසුම් කර ඇති ‘Canal-Top Solar’ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සිදුකර ඇත.

කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු මෙම ඇළ මාර්ගය, ජාතික විදුලි පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමේ හැකියාව සහ වසර පුරා පවතින ප්‍රශස්ත සූර්යාලෝක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබේ.

සූර්ය පැනල මගින් ඇළ මාර්ගය ආවරණය කිරීමෙන් ජල වාෂ්පීභවනය අවම කිරීම, උණුසුම් කාලගුණික තත්ත්වයන් යටතේ ජල උෂ්ණත්වය යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීම සහ හරිත හයිඩ්‍රජන් වැනි නවීන බලශක්ති ව්‍යාපෘති සඳහා පදනමක් සැකසීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.

මේ දේවල් වගා කරන ගොවීන්ට සුබ ආරංචියක් - රජයෙන් විශේෂ රක්ෂණාවරණයක්

මේ දේවල් වගා කරන ගොවීන්ට සුබ ආරංචියක් - රජයෙන් විශේෂ රක්ෂණාවරණයක්

තවද, ව්‍යාපෘතියට ආරක්ෂිත විදුලි අලි වැටක් ද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බැවින්, වන අලින් ඇළට වැටීමේ අවදානම ද අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් පිරිසිදු විදුලිය නිෂ්පාදනයට අමතරව ජල සම්පත් ආරක්ෂා කිරීම, වන අලි සංරක්ෂණයට දායක වීම සහ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට නව මංපෙතක් විවර කිරීම අපේක්ෂිතය.

ඊට අදාළ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පෙරේදා (20) මහියංගනයේදී පැවැත්විණි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අලහකෝන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රෝහණ රම්බොඩගේ, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගමේ සැලසුම් ඉංජිනේරු අසිත අත්තනායක ඇතුළු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

''අනාගත නායකත්වයට මඟ පෙන්වමින්"කොළඹ අල් හිදායා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ වැඩමුළුවක්

''අනාගත නායකත්වයට මඟ පෙන්වමින්"කොළඹ අල් හිදායා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ වැඩමුළුවක්