කැනඩාව රාජ්‍යතාන්ත්‍රිකයන් 41ක් යළි කැඳවයි.

Report

 ඉන්දියාවේ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් 41 දෙනෙකු ඉවත් කර ගැනීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ කැනඩාව හා ඉන්දියාව අතර ඇති මතභේදකාරී තත්ත්වය හේතුවෙන්.

මෙම තත්ත්වය ඇති වුයේ කැනේඩියානු පුරවැසියෙකු වූ හර්දිප් සිං නැමැත්තා සික් කෝවිලක් ඉදිරිපිටදී පසුගිය ජුනි මස 18 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා එල්ල කරන අතර, ඉන්දියාව එම චෝදනා ප්‍රතික්‍ෂේප කළා.