ටොරොන්ටෝහි අවන්හලක වෙඩිතැබීමක්
By Gagana News
කැනඩාවේ, නැගෙනහිර ටොරොන්ටෝ හි ස්කාර්බරෝ නගර මධ්‍යය අසල පිහිටි අවන්හලක වෙඩිතැබීමක් සිදුකර තිබෙන අතර එම සිද්ධියෙන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුටම වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
එලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 20 සිට 50 මැද භාගය දක්වා වයස්වල පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
මෙම වෙඩිතැබීම පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති අතර අදාළ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.