සරසවි සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට
කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ.
ඊයේ (07) රාත්‍රියේ විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් රෝහල්ගත කර තිබුණි.
අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවයි, කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අකිල ඉන්ද්‍රසේන නම් වෙයි.