පත්වීම් අරන් අගමැතිනිය හමුවෙන්න ඇවිත්

Prime minister Sri Lanka Harini Amarasuriya Sinhala news
By Kaushi May 19, 2025 02:42 PM GMT
Kaushi

Kaushi

Report

අද (19) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලබා ගත් මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියව හමුව තිබෙනවා.

කෝටි ගාණක වංචාවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැමිණිල්ලක්

කෝටි ගාණක වංචාවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැමිණිල්ලක්

ඒ අනුව ඉන්දියාව සඳහා පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක් සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්තජයසූරිය, කියුබාව සඳහා ආර්. එම්. මහින්දදාස රත්නායක, පාකිස්ථානය වෙනුවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න, ජපානය සඳහා මහාචාර්ය පී. ජානක කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා මහාචාර්ය අරූෂා කුරේ, එක්සත් රාජධානිය සඳහා එස්. ඩී. එන්. යූ. සේනාධිර යන මහත්ම මහත්මීහු මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු ලෙස පිටත්ව යාමට නියමිතව ඇත.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

මෙහි දී නව තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් සිය ධූරකාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහි දී අග්‍රාමාත්‍යතුමිය විසින් ඔවුන්ට සුභ පැතුම් ද එක් කර සිටියා.

තව ද මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව සම්පත් සහ මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

ReeCha