අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

Report

කැලිෆෝනියාවේ ළමා විවාහ නිල වශයෙන් තහනම් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුකාර ගැවින් නිව්සම් එක්සත් ජනපද ප්‍රාන්ත 32 ක තවමත් නීත්‍යානුකූලව පවතින මෙම ක්‍රියාව අවසන් කිරීමට නීති සම්පාදනයට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනවාරි 1 වන දින සිට බලාත්මක වන මෙම නව නීතියේ සඳහන් වන්නේ ස්වර්ණමය රාජ්‍යයේ විවාහ වීමට පුද්ගලයින්ගේ වයස 18 සම්පූර්ණ විය යුතු බවයි.

නිව්සම් මෙය හඳුන්වා ඇත්තේ, "තරුණ කැලිෆෝනියානුවන් සහ බාලවයස්කරුවන් ආරක්ෂා කිරීමට බොහෝ කලකට පෙර කළ පියවරක්" වශයෙන්.

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ඔහු මෙම පනතට කෝට්නි ස්ටොඩන් සමඟ අත්සන් තැබූ අතර, ඇයගේ දෙමාපියන් ඇයට වයස අවුරුදු 16 දී 50 හැවිරිදි හොලිවුඩ් නළුවෙකු සමඟ විවාහ වීමට අවසර දුන් බව වාර්තා වේ.

එම ක්‍රියාව අවසන් කිරීමට පෙනී සිටින ස්ටොඩ්න්, මෙම වෙනස "ජයග්‍රහණයක්" වශයෙන් හැඳින්වූ අතර ළමා විවාහයෙන් දිවි ගලවා ගත් අය "මෙම බර උසුලනු ඇතැයි කිසි විටෙකත් අපේක්ෂා නොකළ යුතු" බව කියා ඇත.

තවද ඇය කියා ඇත්තේ, "ප්‍රාන්ත 50 තුළම දරුවන් විවාහයෙන් ආරක්ෂා කරන තුරු සටන් කරන" බවයි.

මේ අතර ළමා විවාහවලින් දිවි ගලවා ගත් අනෙකුත් අය ද මෙම නව නීතියට ප්‍රශංසා කර ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද