මහනුවර විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීමේ ව්‍යාපෘතියට රු. මිලියන 696.75ක්

Report

මහනුවර නගරයේ ඉතා වැදගත් මාර්ග කොරිඩෝරුවක් වන විලියම් ගොපල්ලව මාවතේ කොටසක් මංතීරු හතරකට පුළුල් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පථයට අයත් මෙම ව්‍යාපෘතිය කිලෝමීටර් 2+900 සිට කිලෝමීටර් 3+736 දක්වා වන මාර්ග කොටස සඳහා ක්‍රියාත්මක වේ. මෙම මාර්ගය දෛනිකව දහස් ගණනක මගීන්ගේ ගමනාගමනයටත්, නාගරික සංචලනයටත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ලීක් කරේ නුගේගොඩ උපකාරක පන්තියෙන්.. - චාමර කට අරී

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ලීක් කරේ නුගේගොඩ උපකාරක පන්තියෙන්.. - චාමර කට අරී

රථවාහන තදබදය අවම කිරීම, ප්‍රවාහය වේගවත් කිරීම සහ වර්ධනය වන ප්‍රවාහන ඉල්ලුම සපුරාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ටෙන්ඩර් කැඳවූ අතර, ලංසුකරුවන් පස් දෙනෙකු යෝජනා ඉදිරිපත් කළහ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත, සැලකිය යුතු ලෙස ප්‍රතිචාර දක්වන අඩුම ලංසුව ලබාදුන් සමාගමට වැට් බදු හැර රුපියල් මිලියන 696.75ක කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

අධ්‍යාපනයට වෙන් කරපු 6% කෝ කියලා අහපු රෝහිණීට දෙඹෙන් යන්න දුන්න හරිනි

අධ්‍යාපනයට වෙන් කරපු 6% කෝ කියලා අහපු රෝහිණීට දෙඹෙන් යන්න දුන්න හරිනි