අධ්‍යාපනයට වෙන් කරපු 6% කෝ කියලා අහපු රෝහිණීට දෙඹෙන් යන්න දුන්න හරිනි

Report

අධ්‍යාපනයට සීයට හයක් දෙන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනයට ලබා දී ඇත්තේ සියයට දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි මහත්මිය අද (25) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ, "අධ්‍යාපනයට සියට හයක් දෙනවා කියන එකේ ප්‍රකාශිකව ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය වගේම පෙළපාළි විරෝධතා පා ගමන් ගිය ඇය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබීම ගැන සතුටුයි.2009 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන්න කියා මහාචාර්ය සුමනසිරි ලියනගේ කළ සංකේතිය ඉල්ලීම පදනම් කරගෙන 2012 වසරේදී පෙළපාලි ගියා. මාස ගණන් විශ්ව විද්‍යාල වසා දමා තිබුණා. එදා මෙදා තුර එම ඉල්ලීම වෙනුවෙන් විශ්ව විද්‍යාල දරුවන්ගේ සහ ආචාර්යවරුන්ගේ මිනිස් පැය දහස් ගණනින් මිලියන ගනින් විනාශ කළා. එහෙම කිව්ව උදවිය. ඔවුන්ගේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා නියෙන්නේ සියට දෙකයි." යනුවෙන්.

ඔව් නුගේගොඩට රැළියට සෙනඟ ගේන්න ජාවාරම්කාරයින් හතරදෙනෙක් උදව් කළා - ගම්මන්පිල කට අරී

ඔව් නුගේගොඩට රැළියට සෙනඟ ගේන්න ජාවාරම්කාරයින් හතරදෙනෙක් උදව් කළා - ගම්මන්පිල කට අරී

ඒ අනුව ඊට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා.

ඒ අනුව ඇය සඳහන් කළේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක ප්‍රතිශතයක් වසරක් තුළ වෙන් කරන ලෙස කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව‍යි.

"අපි කොතැනකවත් කිව්වේ නෑ අපේ පළවෙනි වසර තුර සියයට හයක් අපි දෙනව කියල මොකද අපි දන්නවා ප්‍රතිපත්ති හදමින් ආයතනත් ශක්තිමත් කරගෙන තමයි මේ ගමන යන්න ඕනි කියල නිකන් සල්ලි දැම්මට මේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ නිසා ගිය අවුරුද්දට වැඩිය අපි මේ අවුරුද්දේ වැඩි කරලා තියෙනවා. මේ අවුරුද්දේ 2.04%ක ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා වෙන් කරලා තියෙනවා. ඒවගේම මේක පහුගිය වසර ගණනාවක් තුළ අධ්‍යාපනය සඳහා වෙන්වෙච්චි වැඩිම මුදල කියලත් මතක් කරන්න කැමතියි."

තවද වසරෙන් වසර අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කරමින් වැඩ කර පෙන්වන බව සඳහන් කළ ඇය තවදුරටත් කියා සිටියේ,

"රටේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තීරණ ප්‍රතිපත්ති මත ගත යුතුයි. ප්‍රතිපත්ති හැදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයන් අවශ්‍යයි.මේ දෙකම කරන්න මුදල් වෙන් වෙලා තියෙන්න ඕනා. අප රටේ ඉතිහාසය පුරාම මේ කාරණා තුන හරියට ඉටු නොවීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටලු ගණනාවක් මතු වී තිබෙනවා. මේ සියලු ගැටලු තිබියදීත් අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගුරුවරුන් විදුහල්පතිවරුන් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන වල අය නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය තුළින් අපට අදවත් අධ්‍යාපනයේ ගුණාත්මක බව ජාත්‍යන්තර මට්ටමින් රෑකගෙන යන්නට හැකි වී තිබෙනවා." යනුවෙන්. 

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්

බදු ගෙවන ජනතාව ගැන පුදුම හිතෙන ආරංචියක්

බදු ගෙවන ජනතාව ගැන පුදුම හිතෙන ආරංචියක්