නිෂ්පාදන කිහිපයක් මෙරට තුළ තහනම් වෙයි.
Sri Lanka
Sri Lanka Cabinet
By krishani
පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නිෂ්පාදන වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවතලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි තහනම් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |