දිට්වා ආපදාවෙන් විනාශ වූ පූජනීය ස්ථාන 144කට රුපියල් මිලියන 232ක හදිසි ප්‍රතිපාදන - කැබිනට් මණ්ඩලයෙන් කොළ එළිය
දිට්වා ආපදාවෙන් හානියට පත්ව ඇති තවත් පූජනීය ස්ථාන 144ක් රුපියල් මිලියන 232.07ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී තිබේ
2026-04-27 සහ 2026-06-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 329.62ක් ඇතුළුව බුද්ධශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 929.69ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පූජනීය ස්ථාන අතරින් පූජනීය ස්ථාන 256ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටයි පියවර ගෙන තිබේ .