සුදුසුකම් ලබා ඇති අයට මේ වන්දියත් ගෙවන්න කැබිනට් අනුමැතිය - ගෙවන්න යන වන්දි මුදල් ගණන් මෙන්න
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමේදී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වී වගාවට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7කදී සිදු වූ වගා හානි සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වන්දි ගෙවීමේ ක්‍රමවේදයට අනුව පිරිවැය සහ වී මිල සැලකිල්ලට ගනිමින් වන්දි මුදල් ගණනය කර ඇති අතර මෙම වන්දි ගෙවීම සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇත.
ඒ අනුව සුදුසුකම් ලබා ඇති ගොවීන් වෙත මෙම වන්දි මුදල් ගෙවීමට නියමිත බව සඳහන්.
අදාළ කන්නයන් සඳහා අක්කරයකට ගෙවීමට නියමිත වන්දි මුදල පහතින්,
2019 යල – රුපියල් 40,000
2019/20 මහ – රුපියල් 46,860
2020 යල – රුපියල් 40,000
2020/21 මහ – රුපියල් 42,150
2021 යල – රුපියල් 49,901
2021/22 මහ – රුපියල් 58,272
2022 යල – රුපියල් 64,102
අඳාළ යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.