සුර්ය බලාගාර 20ක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය...(PHOTOS)

Report

භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත සුර්ය බලාගරයි.

මැතිවරණ පැමිණිලි 2000ත් ඉක්මවයි...(PHOTO)

මැතිවරණ පැමිණිලි 2000ත් ඉක්මවයි...(PHOTO)

ඒ අනුව, ඊට තෝරාගෙන ඇත්තේ, අම්පාර, අනුරාධපුර, මහියංගනය, මහව,අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යනාදී ප්‍රදේශ 20කි.

අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ, ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇති බවයි.

තැපැල් ඡන්දයට අමතරව දින දෙකක්...

තැපැල් ඡන්දයට අමතරව දින දෙකක්...

එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

එම නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාරාත්මක සාර්‌ථක ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව, අදාළ කැබිනට් තීරණය මෙසේ ය.    


GalleryGallery