පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් - මේ අංකය අනිවාර්යයි - උල්ලංඝනය කළොත් නීතිමය පියවර

Report

තම නිෂ්පාදනවල අනිවාර්ය රජයේ ගිවිසුම් අංකය ඇති බවට සහතික වන ලෙස එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන වෙළෙන්දන්ට පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) අනතුරු අඟවා ඇත.

ඒ අනුව මෙම නිවේදනය රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද අනතුරු අඟවමින් නිකුත් කර ඇති බව සඳහන්.

2023 අප්‍රේල් 12 දිනැති අංක 2327/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද විධාන අංක 88 යටතේ, ශ්‍රී ලංකා රජය සමඟ වලංගු ගිවිසුමකින් තොරව ලිහිසි තෙල් සහ ග්‍රීස් ආනයනය කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි බවට අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

එබැවින් ගබඩා කරන ලද, විකුණන ලද, ඇසුරුම් කරන ලද, නැවත ඇසුරුම් කරන ලද හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරන ලද සෑම ලිහිසි තෙල් හෝ ග්‍රීස් ඒකකයකම අදාළ රජයේ ගිවිසුමට පවරා ඇති අංකය තිබිය යුතු බව දන්වයි.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එසේම අංකය බහාලුම, ඇසුරුම්කරණය හෝ ඒ මත මුද්‍රණය කළ යුතුය, නැතහොත් තදින් සවි කර ඇති ලේබලයක් මත ප්‍රදර්ශනය කළ යුතු වේ.

තවද එම අධිකාරිය අවධාරණය කර ඇත්තේ සිල්ලර වෙළෙන්දන් නිෂ්පාදන ආනයනය කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට සෘජුවම සම්බන්ධ නොවූවත්, ඔවුන්ට ද මෙම අවශ්‍යතාවය අදාළ වන බවයි.

එමෙන්ම තොග මිලදී ගැනීමට පෙර රජයේ ගිවිසුම් අංකය සත්‍යාපනය කිරීමටත්, සැපයුම්කරුවන්, ආනයනකරුවන් හෝ නිෂ්පාදකයින්ගේ විස්තර ලබා ගැනීමටත්, සත්‍යාපනය සඳහා මිලදී ගැනීමේ බිල්පත් සහ ඉන්වොයිසි රඳවා ගැනීමටත් වෙළඳුන්ට උපදෙස් දී තිබෙනවා.

එසේම දැනට විකිණීමට ඇති සියලුම ලිහිසි තෙල් සහ ග්‍රීස්වල අනුකූලතාවය සහතික කිරීමට ලේබල් පරීක්ෂා කරන ලෙස ද ඔවුන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ උල්ලංඝනයන් හඳුනා ගැනීමට වෙළඳපල පරීක්ෂණ සහ විශේෂ වැටලීම් පවත්වන බවත්, විමර්ශනවලින් පසු වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ය.

එසේම පාරිභෝගිකයින්ට 1977 ක්ෂණික දුරකථන අංකය හරහා CAA වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව දන්වයි.

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න