රටේ ප්‍රදේශ රැසක වෙඩි තැබීම්..03ක් මියයයි..දකුණත් උණුසුම් වෙයි.
මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.
මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දෙහිවල සරණංකර පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රී 10.00ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මේ අතර තංගල්ල නලගම ප්‍රදේශයේදී ඊයේ සවස වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව ද පොලීසිය පවසනවා.
තංගල්ල දෙමටවලවත්ත ප්‍රදේශයේ ලඳු කැළෑ ප්‍රදේශයක වෙඩි වැදී සිටි අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.