ලයිට් වැල් දාගෙන ඩී.ජේ දාගෙන යන බස් වලටත් වැඩ වරදින ලකුණු
නුවරඑලිය ග්‍රෙගරි වැව අසළ රථ ගාල්වල සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පීඩාවට පත් වන බව චෝදනාවක් එල්ල වී ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
එයට හේතුව ලෙස සදහන් කරන්නේ නුවරඑලියට සංචාරකයන් රැගෙන එන බස් රථවල සවි කර ඇති අමතර එල්.ඊ.ඩී විදුලි ආලෝක සහ එම බස් රථවල සවි කර ඇති ඝෝෂාකාරි අධික ශබ්දය සහිත බෆල් නිසා අධික පීඩනයක් ඇතිවන බවයි.
මෙලෙස බස්රථ වල එල්.ඊ.ඩී විදුලි ආලෝක විශාල සංඛ්‍යාවක් සවි කර ආලෝක රටා බස් රථය තුල ප්‍රදර්ශනය කර එම බස් රථවල විදුලි උත්පාදක යන්ත්‍රයක් සහ ඩී.ජේ. සංගීතය ලබා දීමට අවශ්‍ය උපකරණද බස් රථ තුල සවි කිරිම සංචාරකයන්ගේ ආකාර්ෂණය සදහා සිදු කරන බව වාර්තා වේ.
නමුත් එම බස් රථ ග්‍රෙගරි වැවේ රථ වාහන ගාල්වල රාත්‍රි කාලයේ ගාල් කර එම බස් රථවල පැමිණි සංචාරකයන්ට විනෝද වීම සදහා අවශ්‍ය පහසුකම් ලබා දුන්නද අනෙකුත් සංචාරකයන්ට එය මහත් පීඩාවක් බව පවසයි.
එම නිසා මේ ආකාරයේ බස් රථ සදහා යම් සීමාවන් පැනවීමට වගවියයුතු නිළධාරින් කටයුතු කල යුතු බවද නුවරඑලිය ප්‍රදේශවාසීන් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.