බස් නැවතුම් පොළේදි දකින කොටට ඇඳපු මේ වගේ තරුණියන් ගෙන් පරිස්සම් වන්න. ඇය ඔබව රැගෙන යන තැන ගැන හිතාගන්නවත් බැරි වෙයි.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Dec 01, 2024 05:05 AM GMT
Aruna

Aruna

Report

කුරුඳු විකුණා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ආ කරන්දෙණියේ අයෙකුට කවදාවත්ම අත්විදීමට නොවූ අපූරු අත්දැකීමක් පිළිබඳ කතාවක් ගැන කියන්නයි මේ සූදානම.

කුරුඳු විකුණාගත් සල්ලිවලින් කොටසක් සුදු කමීසය උඩ සාක්කුවේ දාගත් ඔහු එය කාටත් පෙනෙන සේ පැමිණෙයි.

අනෙක් විශාල මුදල් කොටස අත් බෑගයේ ය.  ඔන්න ඔහේ විනෝදයටත් එක්ක ඔහු බස් පොළේ සිරිඅසිරිය විඳිමින් ඔහු ගමන් කරයි.

කොටට කොටේ කොට ගවුමක් ඇඳ සිටි තරුණියකගේ අවධානය තිබුණේ මොහු දෙසය.

දෙදෙනාගේම දෑස් සමපාත විය. තරුණිය මුදු මොලොක් සිනාවකින් බලන්නට විය.

පිළිතුරු සිනහව ඔහුගෙනි. ඔහු යළිත් වතාවක් මේ තරුණිය දෙස බැලූවිට ඇයගේ දෑස් එවිටද තිබුණේ ඔහු දෙසය. මේ ආකාරයටම ඔහු ඇය දෙස බැලු‍වේය.

තම බිරිඳට තරුණයෙකු සමග ලිංගිකව හැසිරෙන ලෙස බල කර සැමියෙක් කරපු අමුතුම වැඩක්..තැන් දෙකකදී මේ වැඩේ කරලා..බිරිඳ රෝහල් ගත කරයි.

තම බිරිඳට තරුණයෙකු සමග ලිංගිකව හැසිරෙන ලෙස බල කර සැමියෙක් කරපු අමුතුම වැඩක්..තැන් දෙකකදී මේ වැඩේ කරලා..බිරිඳ රෝහල් ගත කරයි.


ඒ සෑම අවස්ථාවකම ඇයගේ දෙනෙත් තිබුණේ ඔහු දෙසය. නුහුරු, නුපුරුදු අමුතුම චමත්කාරයකින් ඔහුගේ හිත පිරී ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට ඇය පෙනුණේ දෙවඟනක් ලෙසයි.

කමීස සාක්කුවේ සල්ලි පමණක් නොව අත් බෑගයේ මුදල් ඔහු ගැණ බැලු‍වේ ඇයට පෙනෙන ලෙසය. ඔහු යළිත් ඇය දෙස බැලු‍වේය. එවිට ඇයගේ කට කනේය.

ඒ එක්කම ඔහු එක් ඇසක් පොඩි කළේය. ඒත් ඇය සිටියේ සුපුරුදු පරිදිම සිනාසී ගෙනය. ඔහු ඇයට ළං කළේය. ඇයද ඔහුට ළං වූවාය. ගතවූයේ ටික වෙලාවක් පමණි.

දෙන්නා ගියේ බස් නැවතුම් පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථයකට නැගීමටය. එහි නැගී ගියේ නගරය ආසන්නයේ කුලී කාමරයකටයි. දෙන්නාගේ ආදර බස් එකිනෙකට මුමුණන්නට විය.

මුදල් අත් බෑගය කාමරයේ මේසය මතය. තවත් වේලාවක් ගතවිය ඇය ඔහුට යෝජනාවක් කළේ ඔහුගේද අවශ්‍යතාවය දන්නාක් මෙනි.

ඒ නාන කාමරයට ගොස් ඇඟපත සෝදාගෙන එන ලෙසයි.

ඒත් සමගම ඔහු නාන කාමරයට වැදී දොර වසා ගත්තේ සින්දුවක් ද කියමින් බලාපොරොත්තු දල්වා ගෙනය. ඇඟපත සෝදාගෙන ඔහු නාන කාමරයේ දොර ඇරියේ තව මිනිත්තු කිහිපයකින් තමා අලු‍ත්ම අලු‍ත් ලෝකය පිළිබඳව සිහින මවමින්ය. පසුව බලද්දී ඇය කාමරයේ නැත.

වසා දැමූ කාමරයේ දොරද විවෘතය. ඒ විතරක්ම නොවේ තමාගේ මුදල් දැමූ බෑගයත් කමීස සාක්කුවේ තිබූ මුදලු‍ත් අන්තරස්දානය වී ගොස් තිබිණි.

කරකියා ගන්න දෙයක් නොවුණු තැන බස් පොළේ සිටි අඳුනන අයෙකුගෙන් මුදල් ඉල්ලා ගමට බස් රථයෙන් ගියේ තමාට සිදුවූ මේ අලකලංචිය ද ඔහුට කියමින් ය.

මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.

මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.


ඉතින් ඔබටත් මෙවැනි සිදුවීම් වලට ඕනෑතම් මඟතොටේදී ගමන් කරන විට මුහුණදීමට සිදු විය හැකිය.

එම නිසා මඟතොටේදී හමුවන අය ගැන දැඩි අවධානයෙන් ඉන්න.

You May Like This Video


ReeCha