විශේෂ පිරිසක් වෙනුවෙන් බස් රථ සේවාවක්..

By Sithumi Jul 29, 2022 11:52 AM GMT
Sithumi

Sithumi

Report

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා නව බස් රථ සේවාවක් අගෝස්තු පළවන දා සිට හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

මෙම බස් රථ සේවාව අගෝස්තු පළමුවැනිදා සිට බස්නාහිර පළාත ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බස්රථ හතළිහක් පමණ යොදවා ඇති බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

මෙහිදී පාසල් දරුවන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුවක් අය කරන බවත් ඔහු පැවසීය. මෙම බස් රථයේ ගමන් ආරම්භ කරන ස්ථානය සහ ගමනාන්ත ආදිය, විස්තර පත්‍රිකාවේ අඩංගු කර ඇති බවත් 1955 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවත් ඔහු තවදුරටත් කීවේය