බස් එකේ හිටං ගිය සුරූපී තරුණියට අවුරුදු 50හේ මල්සරා කරපු වැඩේ..ලඟ ඉදපු තරුණියගෙ අම්ම කුපිතවී කරපු දේ මෙන්න.
වේලාව - 5.10 - 5.30ත් අතර ස්ථානය - කොට්ටාව - බොරැල්ල 174
බස් මාර්ගයේ ගමන් කළ පෞද්ගලික බස් රථයක් තුළ. සිද්ධිය - බස් රථයෙ ඉදිරිපස වපසරියේ සෙනග අතරෙ එක්තරා අම්මා කෙනෙකුත් ඇයගෙ දුවත් හිටගෙන ගමන් කරනවා.
දුව වයස අවුරුදු 17කට 18කට නොඅඩු කෙනෙක්. අම්මාත් මැදිවියේ මුල් භාගයේ කෙනෙක්. අම්මත් දුවත් දෙන්නම ලස්සනට, පිළිවෙළට ඇඳපු රූමත් දෙපළක්.
වාහන තදබදය මැද්දෙ බස් රිය ඉස්සරහට යමින් තියෙන අතරේ මේ අම්මා දූ දෙපළ ළඟට එනවා වයස අවුරුදු 50ක විතර කෙස්ස බාගෙට පැහුණු කලු කලිසමක්, නිල් පාට කමිසයක් ඇඳගෙන සෙරෙප්පු දාපු ටියුලිප් ඉටි කවරයක් අතින් ගත්ත මිනිහෙක්.
ටික වෙලාවක් යද්දි මේ විලම්භීත පුත්‍රයා අර දූගේ අත් ගොබවල, ඉඟටියෙ අරෙහෙ මෙහෙ ගැවෙන්න ඇතිල්ල්ලෙන්න පටන් ගන්නවා.
දූ අම්මට මේක කියන්නත් කලින්ම අම්මා මේ සිදුවීම දකිනවා.
මාරාවේශ වෙන අම්මා සෙනග මැද්දෙ ලතෝනි දෙන්න පටන් ගන්නවා. "ලැජ්ජා නැද්ද මිනිහො...!
දරුවන්ගෙත් දරුවොන්ගෙ වයසෙ ගෑනු ළමයෙකුටවත් පාරෙ බැහැලා යන්න දෙන්නෙ නැත්තෙ. තොපේ අසහනේ පිට කරගනින් ගෙවල්වල ගිහින්.
ඒවා මේ බස්වල පිට කරන්න එපා..." අම්මා ඇය දන්න තරමින් උපරිම සදාචාරය රැකගෙන විලම්භීත පුත්‍රයාට බැණ වැදුණා.
මිනිහා නිකන් හිටියේ නෑ. ලැජ්ජාව කලිසම අස්සෙ ගහගෙන බස් එකෙන් බැහැලා යයි කියලා හිතුවත් ඇත්තටම ඒක එහෙම වුණේ නෑ. "මොනවද ...
ගෑනියේ කියන්නෙ...? මේක බස් එකක්. ගෑවෙන් නැතුව යන්න නං කාර් එකක් ගනිං.
මං මේ බස් එකේ ඉන්න පුළුවන් විදිහට තමයි හිටගෙන හිටියෙ..."
තත්වය උණුසුම් වුණා. වරද පිළි අරගෙන ලැජ්ජාව වහ ගන්න බස් එකෙන් බැහැලා යන්න තරම්වත් අදාල පුද්ගලයට තිබුණෙ නෑ.
දෙපාර්ශවය තව දුරටත් බහින්බස් වෙන්න ඉඩක් ලැබුණෙ නෑ. රියදුරු තැන කැකිල්ලේ තීන්දුව දුන්නා.
"දෙගොල්ලොම බහින්ඩ...!" රාජගිරියට කිට්ටුවෙන් දෙගොල්ලොම බස් එකෙන් බැස්සා.
ඒ බහිද්දිත් අර අම්මා තමන්ගෙ දුව වෙනුවෙන් සහ සමස්ථ කාන්තා ප්‍රජාවේ නිදහස වෙනුවෙන් වචන පාවිච්චි කරමින් හිටියා සහ පජාත පුත්‍රයා තමන්ගෙ පිටකොන්ද නැති කම ප්‍රදර්ශනය කරමින් හිටියා. හොඳම සිද්ධිය වෙන්නෙ ඊටපස්සෙ.
මෙපමණ වෙලාවක් සිද්ධිය රස වින්ද තට්ටෙ තියෙන මැදිවියේ කොන්දොස්තර තැන මගී ප්‍රජාව එක්ක අදහස් දක්වන්න පටන් ගත්තා.
"අම්මා දවස තිස්සේ අවලමේ ගිහින් කවුරුහරි පොඩ්ඩක් දුවට හේත්තු උනාම සද්දෙ දාන්න එනවා..."
ඒක මොන තරම් හිරිකිත ප්‍රකාශයක්ද කියලා පැහැදිලි කරලා දුන්නත් ඒක තේරුම් ගන්න තරම් ඒ මනුස්සයාට මොළයක් ඇතියි කියලා මට හිතුණෙ නෑ.
ඒ වෙනුවට මං "හැම අම්මෙක්ම දරුවො පරිස්සම් කරන්නෙ එහෙම තමයි" කියලා රාජගිරියෙන් බැස්සා.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න . |