99න් දිවි බේරාගත් තාප්පෙටම හේත්තු කල බස් අනතුර..(VIDEO)
Sri Lanka
Accident
By Sewvandhi
මාස 1 කට පෙර
කොළඹ - නුවර මාර්ගයේ පස්යාල හන්දිය ආසන්නයේ දී සිදුවු රිය අනතුරක් CCTV කැමරාවක සටහන්ව තිබුණි. ඉදිරියෙන් ගමන් කළ වාහනය වේගය අඩාල කරනවාත් සමග ඊට පිටුපසින් ගමන්ගත් බස් රථය එක්වරම තිරිංග ක්‍රියාත්මක කර තිබේ.
එම අවස්ථාවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී එම අනතුර සිදුවේ. අනතුරින් මෝටර් රථය තල්ලු වී ගොස් අසල තාප්පයක ට හේත්තු වී නතර වේ.
මෝටර් රථ රියදුරු ට කිසිදු හානියක් සිදුව නොමැති අතර මෝටර් රථයට දැඩි හානි සිදුව ඇත. එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තායක් අනූනවයෙන් දිවි බේරෙන අයුරු ද කැමරාවේ සටහන්ව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
