බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්..18ක් රෝහල් ගත කරයි.
By Aruna
මගී බස් 2ක් ගැටෙයි මගී බස් 2ක් ගැටෙයි අද (11) උදෑසන මගී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද උදෑසන 8:15 පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි පැවසෙන්නේ.
ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන්.
එම අනතුරෙන් තුවාල ලැබූ මගින් 18 දෙනෙකු පමණ කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කළ බවයි, කෑගල්ල පොලීසිය සඳහන් කළේ.
කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථය ගැටී ඇත.
පානදුර දෙස සිට පැමිණි බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සැකපළ කරයි.