අදත් බිහිසුණු බස් රථ අනතුරක්..ධාවනය වෙමින් තිබූ බස් රථයකට එකවරම සිදු වූ දේ.(PHOTOS)

Report

බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස්‍ රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති බවයි ඇල්ල පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ මගින් 18 ක් පමණ සිට ඇති අතර ,සෙසු පිරිස තුවාල නොලබා බේරි ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් බස්රථය ට අලාභහානි සිදුව තිබේ.

GalleryGallery