රට විරු පවුල්වලට කාර්යාංශයෙන් දීලා තියන ප්‍රතිලාභ

Report

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් 2025 වසරේ රුපියල් බිලියනයකට අධික ප්‍රතිලාභ ලබාදී ඇත .

ඒ වගේම කාර්යාංශය මගින් 2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා විගමණික ශ්‍රමිකයින් 326,246 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 964.30 ක ආධාර ලබා දී තිබේ.

  තවද රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් කාර්යාංශය මගින් නොමිලේ රක්ෂණාවරණයක් ලබාදෙනු ලබයි.

ඒ වගේම එම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ශ්‍රමිකයින් 318,209 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 397 ක මුදලක් 2025 වර්ෂයේදී කාර්යාංශය විසින් ගෙවා තිබේ කාර්යාංශය මගින් එසේම විදේශ ගත ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 1628 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 50.88 ක මුදලක් ශිෂ්‍යාධාර වශයෙන් ගෙවා තිබේ .

තවත් දරුවන් 4304 දෙනකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම සඳහා රුපියල් මිලියන 50.25 ක මුදලක් වැය කර ඇත.

මීට අමතරව විදේශ රැකියාව අතරතුරදී සිදුවන මරණ හා රෝගාබාධ වෙනුවෙන්ද, විදේශ රැකියාව අවසන් කර යලි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ස්වයං රැකියාවක් ආරම්භ කිරීමටද, පවුල්වල සාමාජිකයින්ට සෞඛ්‍යාධාර සඳහාද, බහුවිධ ණය යෝජනා ක්‍රමයට හා සේවක සුභසාධක අරමුදල මගින් ගෙවීම් කිරීම වැනි සුභසාධන කටයුතු සඳහා කාර්යාංශය මගින් පසුගිය වර්ෂයේදී මුදල් වැය කර තිබුණි .

අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්

අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්

තවද කාර්‍යාංශය විසින් විදේශ රැකියා වංචාකරුවන්ට හසුවී කාර්යාංශය වෙත පැමිණිලි කරන ලද පුද්ගලයින් වෙනුවෙන් නඩු පවරා රුපියල් මිලියන 374ට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කර තිබේ.

ඒ වගේම වසර 40ක විදේශ රැකියා ඉතිහාසයේ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරෙදී මෙරටට ලැබී තිබීම විශේෂත්වයකි. එම ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 8.07 කි. එය රුපියල් බිලියන 2432 ක අගයක් වේ .

ඒ අනුව 2024 වර්ෂය හා සැසඳීමේදී මෙය සියයට 22.8ක ඉහළ වර්ධනයක් වන බව වාර්තා වේ.  

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණියට ඇතුළත් කිරීම ගැන අලුත්ම ආරංචිය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණියට ඇතුළත් කිරීම ගැන අලුත්ම ආරංචිය