ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂ දැනුම්දීමක්- සමාජ මාධ්‍යවල පැතිරෙන ව්‍යාජ පුවත ගැන ඇත්ත මෙන්න

Report

නොවැම්බර් 20 වැනිදා ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කිරීමේ වෙබ් ද්වාරය විවෘත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කාර්යාංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රචාරය ජනතාව නොමග යැවීමේ අරමුණින් සිදුකරන අසත්‍ය ප්‍රචාරයක් බවයි.

ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමේ කටයුතු සිදුකරනු ලබන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද කාර්යාංශය අවධාරණය කර තිබේ.

එම රැකියා අවස්ථා සහ බඳවා ගැනීම් සම්බන්ධ සියලු තොරතුරු කාර්යාංශයේ නිල ෆේස්බුක්, යූටියුබ්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම් මෙන්ම නිල වෙබ් අඩවිය සහ ජනමාධ්‍ය ඔස්සේ ජනතාව වෙත දැනුම් දෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද, සමාජය තුළ අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන අංශය මගින් අවශ්‍ය පියවර ගනු ලබන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

ඩොලරය අදත් ඉහළ නඟී -රුපියල තවදුරටත් පහළට – අද බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න

ඩොලරය අදත් ඉහළ නඟී -රුපියල තවදුරටත් පහළට – අද බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න