ඩොලරය අදත් ඉහළ නඟී -රුපියල තවදුරටත් පහළට – අද බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න

Report

සඳුදා දිනයට සාපේක්ෂව අද (17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, අද දිනයේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 336ත් 337ත් අතර අගයක පවතී.

සෙලාන් බැංකුවේ දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.25ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.50ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.00 සිට රුපියල් 328.30 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 337.00 සිට රුපියල් 337.30 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතය රුපියල් 328.50 සිට රුපියල් 328.65 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.65 සිට රුපියල් 336.80 දක්වා ඉහළ ගොස් ඇත. කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 326.58 සිට රුපියල් 326.77 දක්වා ඉහළ ගොස් තිබේ.

එහි විකුණුම් අනුපාතය ද රුපියල් 336.50 සිට රුපියල් 336.70 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.50 සිට රුපියල් 328.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.50 සිට රුපියල් 336.75 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, සඳුදා දිනයට සාපේක්ෂව බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.

කහවත්ත මූලික රෝහලේ හදිසි ගින්නක්- ගිනි නිවීමේ ඒකකයත් කැඳවයි – සිදුවූ දේ මෙන්න

කහවත්ත මූලික රෝහලේ හදිසි ගින්නක්- ගිනි නිවීමේ ඒකකයත් කැඳවයි – සිදුවූ දේ මෙන්න

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්