ලබන 20 සිට ආරම්භ වන සේවාවක් - රාජ්‍ය අංශයේ මතුවන ගැටලු විසඳීම සඳහා - දුරකථන අංක හා වෙබ් අඩවිය මෙන්න

Report

මේ මස 20වෙනිදා පෙරවරු 10.00 ට හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ වියාසා මධ්‍යස්ථානයේදී රාජ්‍ය අංශයේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුවන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය සහය ලබාදීම වෙනුවෙන් ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් ඒකකය ( Builders gateway ) විවෘත කරන බව දැනුම් දී ඇත.

මෙම ඒ්කකය විවෘත කිරීමට නියමිතව ඇත්තේ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ඇතුළු ආරාධිතයින්ගේ සභාගිත්වයෙන්ය.

රාජ්‍ය ආයතන නවීකරණය හා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සාකච්චා

රාජ්‍ය ආයතන නවීකරණය හා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සාකච්චා

මෙම ඒකකය ස්ථාපිත කිරීමේ අරමුණ රජයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිට ඉතාමත් කුඩා ව්‍යාපෘති දක්වා සියලුම ඉදිකිරීම්වලට අදාළ ගැටලු සඳහා මැදිහත්ව විසඳුම් ලබාදී ඒවා කාර්යක්ෂමව අවසන් කිරීමට සහය වීමයි.

මෙම ආයතනයට තමන්ගේ ගැටලු Builders gateway ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන https://nbfc.presidentsoffice.gov.lk/BuildersGateway වෙබ් අඩවිය ඔස්සේ හෝ info.nbfc@presidentsoffice.lk ඊ -මේල් මගින් හෝ මෙම මස 20 වැනිදායින් පසුව ඉදිරිපත් කළ හැකිය.

ජනතාවට අනතුරු ඇඟවීමක් - රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා - මෙහෙම කරොත් දැඬි දඬුවම්

ජනතාවට අනතුරු ඇඟවීමක් - රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා - මෙහෙම කරොත් දැඬි දඬුවම්

එමෙන්ම 9411 267 2750 දුරකථනයට අමතා හෝ 94 77 354 3495 අංකයට වට්ස්ඇප් කර හෝ යොමු කළ හැකිය.

එසේත් නොමැති නම් C80, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07, යන ලිපිනයට ලිපියක් මගින් හෝ එම ස්ථානයට පැමිණ හෝ ඉදිරිපත් කළ හැකිය. මෙම ඒකකය ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය සහිතව ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (VIYASA) යටතේ ක්‍රියාත්මක වනු ඇත.