රාජ්‍ය ආයතන නවීකරණය හා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සාකච්චා

Report

 අද (18) 2028 - 2032 වර්ෂ සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ, ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී සිදු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධාන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් අතර මෙම සාකච්චාව සිදුවිය.

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

වර්තමාන දෙකකින් යුතුව ක්‍රියාත්මක වූ මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථික පරිවර්තනය වේගවත් කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රධාන ජාතික සංවර්ධන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම යන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එසේම, යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට සමගාමීව, ආර්ථික ස්ථායීකරණය සිට තිරසර, සියල්ලන් ඇතුළත් කරගත්, අපනයන-මූලික කරගත් වර්ධනය මෙන්ම, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරමින් දිගුකාලීන ණය තිරසාරභාවය කරා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ප්‍රධාන අවධානයක් යොමු කෙරුණා.

කහ ගෑස් වලට දරුණු පහරක් - ලාෆ්ස් ගෑස් සමාගමට කොළඹ කොටස් වෙළඳපොළෙන් දැඬි තීරණයක්

කහ ගෑස් වලට දරුණු පහරක් - ලාෆ්ස් ගෑස් සමාගමට කොළඹ කොටස් වෙළඳපොළෙන් දැඬි තීරණයක්

පරිපාලන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලි විධිමත් කිරීම, ආයෝජන සඳහා ඇති නිලධාරිවාදී බාධක ඉවත් කිරීම, රාජ්‍ය ආයතන නවීකරණය කිරීම සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසිනුයි මෙහිදී අවධාරණය කළේ. රජයේ දත්ත පද්ධති, ආයතනික ධාරිතාව සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීමද මෙම සාකච්ඡාවේ ප්‍රධාන ප්‍රමුඛතා ලෙස හඳුනා ගැනුණා.

දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ආපදා අවදානම් අවම කිරීම, කෘෂිකාර්මික නවීකරණය, ආහාර සුරක්ෂිතතාවය, ඉලක්කගත සමාජ ආරක්ෂණය, තරුණ රැකියා නියුක්තිය, වෘත්තීය පුහුණුව සහ වයස්ගත වන ජනගහනය වෙනුවෙන් පෙර සූදානම් වීම සහයෝගීතාව සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර විය. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් කුඩා පරිමාණයේ වෙන් වෙන් වූ ව්‍යාපෘති වෙනුවට, ඉහළ බලපෑමක් ඇති ජාතික වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරමින් සහ පවතින රාජ්‍ය ආයතන ශක්තිමත් කරමින් ‘එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක’ (Delivering as One) සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කමද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

ජාතික සංවර්ධන ප්‍රමුඛතා සඳහා සම්පත් සපයා ගැනීමේ ක්‍රම ලෙස මිශ්‍ර සහ සහනදායී මූල්‍ය පහසුකම්, දේශගුණික අරමුදල් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ඇතුළු නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද පිළිබඳවයි වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරුණේ. 2028–2032 නව සහයෝගිතා රාමුව ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූල වන බවට සහතික වෙමින්, තාක්ෂණික විශේෂඥතාව, ආයතනික ධාරිතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් මගින් ශ්‍රී ලංකා රජයට සහාය දීමට සූදානම් බවද එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස යළිත් තහවුරු කර ඇත.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franch මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ Azam Bakeer Markar, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota සහ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී Kristin Parco යන මහත්ම මහත්මීහු ඇතුළත් වුණා.