මෙරට විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව හැදෑරීමට අයදුම්පත් කැඳවයි - වැඩිදුර විස්තර මෙතනින්.

Sri Lanka
By krishani Sep 15, 2023 12:26 PM GMT
krishani

krishani

Report

2023 – 2024 අධ්‍යයන වර්ෂයට අදාළව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 2021, 2022 වර්ෂවල පැවති අ.පො.ස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන්ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබයි.

අයදුම්පත් භාර ගැනීම ලබන මස 10 වැනිදා දක්වා සිදුකරනු ලබයි.

එදිනට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහකාර ලේඛකාධිකාරී අධ්‍යයන හා ශිෂ්‍ය සේවා, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ගුරුළුගෝමී මාවත, පිටිපන උතුර, හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වේ.

අයදුම්පත හා අදාළ විස්තර www.bpu.ac.lk යන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම මගින් ලබාගත හැකි ය.

එමෙන්ම 011-2857786 හා 011-2891104 යන දුරකථන අංක මගින් වැඩිදුරටත් විස්තර ලබාගත හැකි ය.


එකවරම ඩොලරයේ අගය වෙනස් වෙයි - ඩොලරයට අද ලැබුණ වටිනාකම ගැන මහ බැංකුව කියයි.

එකවරම ඩොලරයේ අගය වෙනස් වෙයි - ඩොලරයට අද ලැබුණ වටිනාකම ගැන මහ බැංකුව කියයි.


Whatsapp හඳුන්වාදෙන පුදුම හිතෙන අලුත්ම පහසුකම. (PHOTO)

Whatsapp හඳුන්වාදෙන පුදුම හිතෙන අලුත්ම පහසුකම. (PHOTO)


ReeCha