රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

Report

විදුලි බල වෘත්තීය සමිති විසින් තම ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව නිවේදනය කර ඇත.

මෙම දැනුම්දීම විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සන් සහිතව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත. පසුගිය ජනවාරි මස 12 වන දින අදාළ වෘත්තීය සමිති විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉල්ලීම් 8ක් ඇතුළත් ලිපියක් ලබාදී ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා පහසුකම් වැඩිකිරීමට රජයෙන් තීරණයක් - ඇමති කියයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා පහසුකම් වැඩිකිරීමට රජයෙන් තීරණයක් - ඇමති කියයි

ඊට අමතරව ඊයේ (09) දිනයේ අමාත්‍යවරයා වෙත විදුලි වෘත්තීය සමිති විසින් තවත් ලිපියක් යොමු කර ඇත්තේ අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති හේතුවෙන් යළිත් වරක් අදාළ ඉල්ලීම් පිළිබඳව අවධානය දෙන ලෙසයි.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට ඉතුරුව නොමැති බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

ඒ අනුව අදාළ ඉල්ලීම් ඉටුනොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් තීරණය කර ඇති බව ද එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.