බ්‍රවුන් සරසවි වෙඩි තැබීමේ සැකකරු මුදාහරිඉන් - හේතුව මෙන්න
පසු ගිය දා ඇමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා භෞතික විද්‍යා ගොඩනැගිල්ලේ (බාරස් ඇන්ඩ් හොලී) සිදු වූ වෙඩි තැබීමකදී, දෙදෙනකු මරුට හා අනික් 9 දෙනෙකුට තුවාල සිදු විය.
අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වයස 24ක් වන සැකකරු, බෙන්ජමින් එරික්සන්, පසුව නිදහස් කර ඇත.
ප්‍රොවිඩන්ස් නගරයේ නගරාධිපතිවරයා සඳහන් කළේ, විමර්ශනය වෙනත් දිශාවකට යොමු වීම හේතුවෙන් සැකකරුවාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
රෝඩ් අයිලන්ඩ් නීතිපති පීටර් නෙරොන්හා පැවසුවේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා අවධානයට ලක්විය යුතු පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු පදනමක් නොමැති බැවින් ඔහු නිදහස් කිරීමට තීරණය කර ඇත.
පොලිස් ප්‍රධානී ඔස්කාර් එල්. පෙරෙස් සඳහන් කළේ, නිලධාරීන් සතුව සාක්ෂි තිබුණත්, නඩු පැවරීමට ප්‍රමාණවත් නොවූ බවයි.
අමෙරිකානු රහස් පරීක්ෂක කාර්යාලය (FBI) විසින් ලබාදුන් තොරතුරු මගින් සැකකරුවා සොයාගත් අතර, පසුව සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට තීරණය කළ බවද පෙරෙස් පැහැදිලි කළා.