අල්ලස් කොමිසම සිද්ධි 300කට විමර්ශන අරඹයි

Government Of Sri Lanka Bribery Commission Sri Lanka Sinhala news
By Hashini Apr 23, 2025 07:36 AM GMT
Hashini

Hashini

Report

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසුවේ එම පැමිණිලිවලට අදාළ ලිපි ගොනු වසර ගණනාවක් තිස්සේ විමර්ශන ආරම්භ නොකර තිබූ ඒවා බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන් බහුතරයක් එකල පැවති රජයන්වල මැති ඇමතිවරුන්ට එරෙහිව ලැබී ඇති බවයි.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඇතැම් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි 15 ක් පමණ ලැබී තිබෙන බවයි.

අල්ලස් කොමිසම පැවසුවේ අදාළ පැමිණිලිවල විමර්ශන කඩිනමින් අවසන් කර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

 

ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවූ ප්‍රබල දේශපාලඥයා

ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවූ ප්‍රබල දේශපාලඥයා

ReeCha