ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවූ ප්‍රබල දේශපාලඥයා

Mahinda Rajapaksa India Sinhala news
By Hashini Apr 23, 2025 07:06 AM GMT
Hashini

Hashini

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව ඊයේ (22) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත් වුණා.

එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වෙන්නේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය ගෞරවයෙන් සිහිපත් කර තිබෙනවා.

මාතර බන්ධාගාරයේ රැඳවියන් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධාගාරයේ රැඳවියන් අඟුණුකොළපැලැස්සට


ReeCha