දෙයියනේ සන්ධි අමාරුවට ෆාමසියෙන් දුන්නු වැරදි බෙහෙත නිසා සිවුදරු මවට වුණ දේ
විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සන්ධි රෝගයකට නියම කළ ඖෂධයක් වෙනුවට ඖෂධහලකින් (ෆාමසියකින්) නිකුත් කළ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කිරීම නිසා උඩවලව, කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි සිවුදරු මවක් බරපතළ ලෙස රෝගාතුර වී එක්තැන්වී ඇති පුවතක් වාර්තා වේ.
මෙසේ එක්තැන් වී ඇත්තේ කේ.ජී. ප්‍රියාණි චන්ද්‍රමාලි නැමැති කාන්තාවක්. ඇයට ඇතිවූ උග්‍ර රෝගී තත්ත්වය නිසා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින දහයක නේවාසික ප්‍රතිකාර ලබා නිවසට පැමිණ තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාරවලට කොළඹ රෝහලක් වෙත රැගෙන යාමට නියමිත බව ඇයගේ සැමියා වන අනුර සුමනසිරි පෙරේරා ප්‍රකාශ කරයි.
එසේම ඔහු සඳහන් කළේ සන්ධි රෝගී තත්ත්වයකට ඇඹිලිපිටියේ පෞද්ගලික රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ලබාගත් ඖෂධ වට්ටෝරුව, ඔවුන් නිරන්තරයෙන් ඖෂධ ලබාගන්නා උඩවලව නගරයේ ඖෂධහලකට ඉදිරිපත් කළ බවයි.
එහිදී ෆාමසියෙන් ලබාදුන් ඖෂධ පානය කිරීමෙන් පසු ඇයට බඩ සහ පපුවේ දැවිල්ල, මුඛයේ තුවාල, ඇස් නොපෙනී යාම සහ ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ රැසක් මතුව තිබෙනවා.
ඉන්පසු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ ද රෝගය නිශ්චය කර ගැනීමට අපහසු වූ වෛද්‍යවරුන් ලබාගත් ඖෂධ පරීක්ෂා කිරීමේදී මෙම වරද හෙළිදරව් කරගෙන ඇති බව වාර්තා වේ.

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි
ඒ අනුව වෛද්‍යවරුන් සතියකට මිලිග්‍රෑම් 3ක මාත්‍රාවකින් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක්, දිනකට මිලිග්‍රෑම් 40ක් (මිලිග්‍රෑම් 10 පෙති හතරක්) බැගින් ලබාගන්නා ලෙස ඖෂධහලෙන් වැරදි උපදෙසක් ලබා දී ඇති බව පෙන්වා දී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ලබා දී තිබූ උපදෙස් අනුව අධි මාත්‍රාව සහිත පෙති 42ක් පානය කිරීමෙන් මෙසේ ඇය මෙම බරපතළ තත්ත්වයට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් තහවුරු කරයි.
එමෙන්ම මේ සිදුවීම පිළිබඳව උඩවලව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
එහිදී සැමියා පවසන්නේ ඖෂධහල තම වරද පිළිගත්තද පවුලේ අයට වෙනත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.
එසේම ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ බලධාරියෙකුගෙන් කළ විමසීමකදී සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් පැමිණිල්ලක් නොලැබුණ ද ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර නීතිමය පියවර ගන්නා බවත් ය.
ඊට අමතරව එම බලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඖෂධවේදීන්ගේ හිඟයක් පැවතිය ද, නුසුදුසු පුද්ගලයන් සේවයේ යෙදවීමට ඉඩ නොදෙන ලෙසත්, ඖෂධ නිකුත් කිරීමේදී එහි නිරවද්‍යතාව කිහිපවරක් පරීක්ෂා කරන ලෙසත් සියලු ඖෂධහල් දැනුවත් කර ඇති බවයි.