ශරීරයේ ජංගම දුරකථන 26ක් සැගවූ තරුණිය ජීවිතක්ෂයට
බ්‍රසීලයේ වයස අවුරුදු 20ක් වූ තරුණියක්, තම සිරුරේ ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටියදී බස් රථයක තුළ හදිසියේම මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයට බස් රථ ගමන් මැද හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවූ අතර, එහිදී ඇය බිමට වැටී ඇති බව සනාථ වෙයි.
අනතුරට ලක්වූ තරුණියට උදව් ලබාදීම සඳහා ගමන්කරුවන් හදිසි ගිලන් රථ සේවාවට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එමඟින් පැමිණි වෛද්‍යවරුන් පරීක්ෂා කළ අවසන්දී ඇය මියගොස් ඇති බව තහවුරු කළහ.
වෛද්‍ය පරීක්ෂණවලදී, තරුණියගේ සිරුරට බැඳ සඟවා තිබූ ස්මාර්ට් ජංගම දුරකථන 26ක් හමු වී ඇති අතර, එම දුරකථන තැබීමෙන් ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් හෘදයාබාධයක් ඇති වී ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සැකපල කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුව සිදු කළ පරීක්ෂණයකදී, ඇගේ ගමන් මල්ලෙන් මත්පැන් බෝතල් කිහිපයක් සහ තවත් ජංගම දුරකථන කිහිපයක්ද සොයාගෙන ඇති බව බලධාරීන් සඳහන් කරති.
