22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයෙන් දැවැන්ත විරෝධයක් - සියල්ල සූදානම්

Report

 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වනදා කොළඹදී පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී අද (13) පැවැති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වත්මන් රජය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර, තනි පක්ෂ පාලනයක් ඇති කරමින් රටේ බලය මුළුමනින්ම තම හිතවතුන් අතර තබා ගැනීමට උත්සාහ කරන බවත්, එම තත්ත්වය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

පුරවැසියන් සහ අනාගත පරපුර වෙනුවෙන් මෙම 22 වැනි සංශෝධනය පරාජය කිරීමේ පළමු පියවර ලබන 24 වනදා තබන බවත්, ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය පරාජය කර වෙනසක් කරා ගමන් කරන දැවැන්ත ජනතා බලවේගය එදින කොළඹදී ගොඩනඟන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

රාජපක්ෂ නිධන් හෙව්වද? වැව් බැම්මක් කඩලා නිධන් සෙවීමක් ගැන වහාම විමර්ෂණ

රාජපක්ෂ නිධන් හෙව්වද? වැව් බැම්මක් කඩලා නිධන් සෙවීමක් ගැන වහාම විමර්ෂණ