ගේබියන් වැටියේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට නියෝග

Report

වත්තල, පමුණුගම, වහටියගොඩ වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ඉදිකර ඇති ගේබියන් වැටිය සම්බන්ධ ඉදිකිරීම් කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (12) අදාළ වෙරළ තීරයේ සහ වත්තල දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ ස්ථානීය නිරීක්ෂණයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

නොකළොත් දඬ කන්න වෙයි - සුනඛයින් වෙනුවෙන් විශේෂ නීතියක් - සුනඛ අයිතිකරුවන්ට විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරියේදී

නොකළොත් දඬ කන්න වෙයි - සුනඛයින් වෙනුවෙන් විශේෂ නීතියක් - සුනඛ අයිතිකරුවන්ට විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරියේදී

එහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවන් ඉක්මවා වෙරළට අයත් ප්‍රදේශ ද ආවරණය වන පරිදි අදාළ ඉදිකිරීම් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

වෙරළ සංරක්ෂණ කලාපයක් තුළ සංවර්ධන කටයුත්තක් සිදුකිරීමේදී නීතිමය අනුමැතීන් ලබාගැනීම අනිවාර්ය වන බැවින්, මෙම ඉදිකිරීම් සඳහා ලබාදී ඇති අනුමැතීන්, නියමිත සීමාවන් සහ රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් නිසි පරිදි ඉටුකර තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ අතර, වත්තල දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේ සක්‍රීය මෝසම් තත්ත්වය සහ මුහුදු රළෙහි ප්‍රබලතාව ඉහළ යාම හේතුවෙන් හානියට පත්ව ඇති නිවසක් ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

මුහුදු ජලය ගොඩබිමට පැමිණීමෙන් ජනතාවට සහ දේපළවලට සිදුවන හානිය වැළැක්වීමට අවශ්‍ය තාක්ෂණික ඇගයීම් සිදුකර, අදාළ රාජ්‍ය ආයතන සමඟ එකතු වී කඩිනම් සහ දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.