ලංකාව අවට මුහුදු සීමාව පුරාවට විශේෂ අවදානම් තත්ත්වයක් - මුහුදු රළ ඉහළ යෑමේ අවදානමක්
හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයට අනුව අදාළ මුහුදු තීරයේ මුහුදු රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන් වේ. අද (13) පස්වරු 12:00ට නිකුත් කරන ලද මෙම හදිසි අවවාදාත්මක නිවේදනය හෙට (14) දිනය දක්වා බලපැවැත්වේ.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවගෙන් මෙන්ම වෙරළාශ්‍රිත ජනතාවගෙන් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසයි.