"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන [VIDEO]

Report

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා, තම සමීපතමයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනයක් ඔස්සේ මරණ තර්ජනයක් එල්ල කර ඇත.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

මෙම දුරකථන ඇමතුම පද්මේ විසින් ලබාදුන්නේ ඊයේ (03) රාත්‍රී 8.45ට පමණය. ඔහුගේ ආසන්නතමයෙකු වන, වයස අවුරුදු 39ක් වූ “ගම්පහ දේවා” නම් සැකකරු, ඊයේ (03) දින ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පොලිසිය පවසන්නේ, මෙම සැකකරු පද්මේ හමු වී ඇත්තේ රුසියාවේද, තායිලන්තයේද බවත්, මෙවරද ඔහු තායිලන්තය වෙත යාමට සූදානම් වූයේ පද්මේව නැවත හමුවීමටයැයි සැක කෙරේ.

මන්ත්‍රීවරුන්ට අස්වැසුම - කුපිත වූ නන්දන ගුණතිලක

මන්ත්‍රීවරුන්ට අස්වැසුම - කුපිත වූ නන්දන ගුණතිලක

මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ හා ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙමින් පවතී.

එවන් පසුබිමක දුරකථන ඇමතුමක් ලබාදෙමින් කෙහෙල්බද්දර පද්මේ කියා සිටියේ,

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

"ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්...අපිත් ප්ලේ කරන්නේ ගේම් එකක්නේ. හරි විදියට මේක කරන්න කියන්න. ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද? කරන්න ඕන දේ ඔබතුමත් දන්නවා නේ. අපි කොහොමත් මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නේ අපි මැරෙන්න බය නෑ." යනුවෙනි.

මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා පවසා සිටියේ, "මොකද්ද ළමයෙක් ගැන කියලා කියන්නේ. මොකද්ද කෙරෙන්න ඕනේ. අපිත් බය නෑ. තමුසේ හිතන්න එපා තමුසේගේ මරණ වරෙන්තුවට මම බය වෙයි කියලා. ලංකාවට ඇවිත් කතා කරමු අපි දෙන්නා. නීතිය තමා ක්‍රියාත්මක වෙන්නේ." යනුවෙනි.